මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.
රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා සමගි ජන බලවේගය දුරකථනය ලකුණින් බලවේගය තරග වදින බවත් රංජිත් මද්දුම බණ්ඩාර විසින් දැනුම් දී තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ‘අලියා’ ලකුණින් තරඟ වදින බව පසුගිය දා මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන්නේය.
රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය පොදු ලකුණක් යටතේ තරග කිරීම සදහා පසුගිය කාලයේ සාකච්ඡුා වට කිහිපයක් පැවැත් වූ නමුත් එය අසාර්ථක විය. මේ තත්ත්වය තුළ ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින (9* අවසන් වූ බැවින් දෙපාර්ශ්වයට පොදු ලකුණක් යටතේ තරග වැද’ීමට ඇති අවස්ථාව අහිමි වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජේ්‍ය්ෂඨ දේශපාලන විචාරකයින් කිහිප දෙනකුම සදහන් කළේ සජිත් පේ‍්‍රමදාස මහතා එජාප මැතිවරණ ඉතිහාසයේ කැතම පවාදීම සිදුකර ඇති බවයි. දේශපාලනයට පැමිණි දා සිටි කිසිදු ආකාරයක ජාතික නායකත්ව ලක්ෂණයක් ප‍්‍රකට නොකළ පේ‍්‍රමදාස මහතා තමාගේ නියම තරම පසුගිය ජනාධිපතිවරණයේදී හෝ අවබෝධ කර නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔවුහු සදහන් කළහ.
‘ඔහු තමයි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ අඩුම ඡුන්ද ප‍්‍රතිශතයක් ගත් ජනපති අපේක්ෂකයා. තමා නියෝජනය කළ දිස්ත‍්‍රික්කයෙන්, ආසනයෙන් අඩුම ඡුන්ද ප‍්‍රතිශතයක් ගත් ජනාධිපති අපේක්ෂකයා. මේ තත්ත්වය තුළ ඔහු මහ මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීම නොවෙයි ආණ්ඩුවට ප‍්‍රබල තරගයක් ලබාදීම හෝ සිදු නොවිය හැකි තත්ත්වයක්’ අප සමග අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ දේශපාලන විචාරකයෙක් සදහන් කළේය.
‘මේ සියල්ල කරන්නේ ඉතාම පටු අරමුණක් වෙනුවෙන්. පේ‍්‍රමදාස මහත්තයාට අවශ්‍ය කරලා තියෙන්නේ ඔහු වටා සිටින කිසිදු ආකාරයක ඡුන්ද පදනමක් නැති ‘කූඩැල්ලෝ පිරිසක්’ කෙසේ හෝ ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගේන්න. අපි හොදටම දන්නවා සජිත් පේ‍්‍රමදාසව මෙවැනි අවස්ථාවාදී හා ස්වයංනාශක තැනකට තල්ලු කළේ චම්පික රණවක ආදී කූඩැල්ලන් විසින් බව. ඔහු ඇතුළු මේ කූඩලු නඩේට තමන්ගේ පක්ෂවලින් ස්වාධීනව තරග කරලා කිසිම දාක පාර්ලිමේන්තුවට එන්න බැහැ. විශේෂයෙන් චම්පික රණවකට ඒ ගැන හිතන්නවත් බැහැ. ඔහු 1994 දී එස්.එල් ගුණසේකරට කළ කුමන්ත‍්‍රණයේ සිට අඛණ්ඩව සිදු කළේ දේශපාලන කුමන්ත‍්‍රණ පමණයි. වෙනත් කිසිදු දේශපාලනයක් චම්පිකට බැහැ. ඔහු 1994 දී කළ කැත දේශපාලන කුමන්ත‍්‍රණය 2020දී එජාපයට කළා’ ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් සදහන් කළේය.
මේ අතර මහ මැතිවරණයේදී එජාපයේ සමස්ත ජාතික ඡුන්ද පදනම සියයට 25ටත් අඩුවනු ඇති තත්ත්වයක් තුළ සජිත් පේ‍්‍රමදාස මහතා තම කල්ලිය පමණක් ගොඩදා ගැනීම තැත් කිරීම එජාප මැතිවරණ ඉතිහාසයේ නින්දා සහගත කුමන්ත‍්‍රණය බව එජාපයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළේය. ඔහු කියා සිටියේ ඔහුගේ පියා විසින් ලිලිත් – ගාමිණිට එරෙහිව දියත් කළ කුමන්ත‍්‍රණය හමුවේ බිද වැටුණු එජාපයට යළි හිස එසවීමට තිබූ සියලු අවස්ථාවන් සජිත් පේ‍්‍රමදාස විසින් නිර්මාණය කළ නායකත්ව අර්බුදය සමග දුර්වල වූ බවයි.
‘ඔහු ජාතික නායකයෙක් නෙමෙයි. පටු ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක්. ඔහු නිවස ඇමැති ලෙස සිදුකළ කිසිම දෙයක් නැහැ. ඒ වන්දිය ගෙවන්න වුණේ එජාපයටයි. ඔහු මේ අවස්ථාවාදී පවාදීම කළේ ඔහු වටා සිටින කල්ලිය කෙසේ හෝ පාර්ලිමේන්තුවට පත්කර ගන්නයි. විශේෂයෙන් ඡුන්දයේන් ජයගත නොහැකි ඊනියා ජාතික නායකයෝ කිහිප දෙනෙක් ඔහු වටා සිටිනවා. අද ඔවුන් තමයි එජාපයේ සාම්ප‍්‍රදායික ඡුන්ද පදනම උරා බී පාර්ලිමේන්තුවට එන්න දගලන්නේ. මේක ඓතිහාසික පාවාදීමක්’ ප‍්‍රවීන දේශපාලන විශ්ලේෂකයෙක් සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි.
‘ඔහු තමයි ජනාධිපතිවරණයකදී දකුණෙන් අවම ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අපේක්ෂකයා. තමන් නියෝජනය කළ දිස්ත‍්‍රික්කයෙන් අන්ත පරාජයක් ලැබූ ජනාධිපති අපේක්ෂකයා. ඒ නිසා ඔහුට මෙවර මහ මැතිවරණයෙන් ඊටත් වඩා අන්ත පරාජයක් උරුම වෙනවා. ඒ ගැන සැකයක් නැහැ’ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.