කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පහත සඳහන් කරුණු මහජනයාගේ දැන ගැනීම සඳහා  නිකුත් කරනු ලැබේ – නීල්  බණ්ඩාර හපුහින්න – ලේකම්

  • දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ   සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ.
  • ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 , ලක් සතොස වෙළඳ සැල් හා මහවැලි කාර්යාල වලට  සහ කොට්ඨාශ කාර්යාල වලට අදාළ වෙළඳ සැල් වෙත ගෙනැවිත්  පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පහසුකම් සලසා ඇත.
  •  ඇඳිරි නීතිය නොමැති අවස්ථාවලදී, වෙළඳුන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථාන පහසුකම් ලබා දීම සඳහා ගන්නොරුව කෘෂිකර්ම පරිශ්‍රය සුදානම් කර ඇති අතර ඒ  සඳහා අධ්‍යක්ෂ, (ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානය) එස්. පෙරියසාමි මහතා (දු.ක. 071  415  75 85) සම්බන්ධ කරගනිමින් අවශ්‍ය කටයුතු කර ගත යුතු වේ. පාරිභෝගිකයන්ට එම ස්ථානයට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගත හැකිවේ.
  •  එසේම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර වර්ග, බීජ වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමට  හා ගබඩා කිරීමට පහසුකම් සලසා ඇති අතර  ඇඳිරි නීතිය බල නොපවත්වන අවස්ථා වල තම ප්‍රදේශයේ ගොවි සංවිධාන හා අලෙවිසැල් මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
  •  සියලු වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුල විවෘත කිරීමට උපදෙස් දී ඇති බැවින් තම නිෂ්පාදන එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කර ගත හැකිය .
  •  සියලුම සත්ව නිෂ්පාදන (කිරි, බිත්තර, හා මස් ) සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල ප්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට හා බෙදා හැරීමට අවසර ලබා දෙනු ලැබේ.
  •  යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා ගැනිමේදි විධිමත් කන්න රැස්වීම් පවත්වන   තෙක් ගොවි සංවිධාන කාරක සභාව මගින් ජලය බෙදා හැරිම සඳහා අවශ්‍ය තීරණ ගෙන    වගා කටයුතු කල හැකිවේ.
  •  එමෙන්ම ප්‍රධාන ජල පාලන කමිටු රැස්විම් පවත්වන තෙක් මහවැලි කොට්ඨාශ සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල තීරණ අනුව යල කන්නය වගා කටයුතු කිරීමටද කටයුතු කරන්න
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.