කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවනවා.
මෙසේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් වන්නේෙ ජර්මනියේ සංචාරය කර පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකු ( ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි) සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ජාසිංහ මහතා කියා සිටියේ.
මෙම ආසාදිතයින්ගෙන් ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා මේ වන පොලොන්නරුව මහ රෝහලේ ද අනෙක් පුද්ගලයා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා කියා සිටියේ.
නව ආසාදිතයින් තිදෙනා ද සමග ශ්‍රී ලංකාව තුළ හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන පහක් දක්වා ඉහළ යනවා.