ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන අද දින (28) 113ක් ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර මේ අනුවයි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා වර්ධනය වී ඇත්තේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් රෝගීන් 07 දෙනෙකු අංගොඩ අයිගඩීගඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දින ගණනාවක් කළ කැප කිරීම් සියල්ල ව්‍යාර්ථ වූ බවයි.
පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.
පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ජාසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේය.