වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා COVID-19 වයිරස් තත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමේ ඉහල යෑමක්
“ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත.
COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන රටෙහි පවතින තත්වය සම්බන්ධයෙන් විශාල වශයෙන් අසත්‍ය තොරතරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හුවමාරු වීමේ ප්රවනතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වැඩි වශයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමක් දක්නට ලැබේ.
මුලාශ්‍ර නොමැති පුවත් හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිමු. සෑම විටම තහවරු කරගත් තොරතරු පමණක් හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.