කොරෝනා වෛරයෙන් ආරක්ෂා වීම පිණිස මුඛ ආවරණ පැළදීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (23) ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ තවමත් කොවිඩ් 19 රෝගය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බවත් ඒ අනුව මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එහිදී ජාසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළා ‘මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා. මුඛ පළදනා භාවිතය වැඩිවීම තුළ කළ යුතු අවශ්‍ය දේ අමතක කරනවා. අවශ්‍ය විට මුඛ පළදනා නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මුඛ පළදනා අවශ්‍ය නෑ. නමුත් අපිට යම් කිසි පුද්ගලයෙක් මුඛ පළදනවානම් එසේ නොකළ යුතුයි කියලා අපි කියන්නේ නෑ. අපි ඒක රෙකමදාරු කරන්නේ නෑ’
මේ සම්බන්ධයෙන් අනිල් ජාසිංහ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත්ව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
