කොරෝනා වසංගතය හමුවේ වගකීමෙන් කටයුතු කරමු – රජය කියයි

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගින් ඒ පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.

ජාතික උපද්‍රවයක් සහිත මෙවැනි අවස්ථාවක වගකිම් විරහිත ලෙස කටයුතු කිරිම් රජය දැඩි ලෙස හෙළා දකින බවත් එවැනි කාර්යයන්ගෙන් වැළකී සිටින ලෙසත් රජය දන්වා සිටියි.

රජය විසින් ලබාදෙන නිල නිවේදන හා තොරතුරු පිළිබඳව අවධානය යොමුකරමින් තමන්ගේ දෛනික ජීවිතය අනවශ්‍ය ලෙස කලබලවීමක් සහ අනියත බියවීමක් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගන යන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු ලබාදෙන අයුරු.

01 තොරතුරු දෙන ආයතන – සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

02 සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව කොවිඩ් 19 මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

03 පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම මාධ්‍ය මධ්‍යස්ථානය 071-0107107 හා 011-3071073 යන අංක හරහා ඇමතිය හැකියි.

04 තහවුරු කල තොරතුරු

Heath Promotion bureau (FB page)

Department of government information (you tube and FB)

News.lk (web site, FB) හරහා ලබගත හැකියි.

05 දෛනිකව මාධ්‍ය හමුවක් පවත්වා තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.