ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක්

ගම්පහ පළාත් පාලන ආයතන 19කට ඉසින යන්ත්‍ර 200 බෙදා දෙයි

ඇදිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරයි. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කරයි.

මේ සදහා ගම්පහ දිසිත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ඉසින යන්ත්‍ර බෙදා දීම අද සිදු කෙරිණි. ඉසින යන්ත්‍ර 200ක් පළාත් පාලන ආයතන 19කට මේ අනුව බෙදා හැරිනි. මීගමුව නගර සභාවට 15ක්, ගම්පහ මහ නගර සභාවට 12ක්, ගම්පහ ප්‍රාදේශිය සභාවට 12, මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවට 5, මිනුවන්ගොඩ නගර සභාවට 10ක්, කටුනායක සීදුව නගර සභවට 06ක්, කටාන ප්‍රාදේශිය සභාවට 14ක්, ජා ඇල නගර සභාවට 06ක්, ජා ඇල ප්‍රාදේශිය සභාවට 05ක්, අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට 10ක්, දිවුලපිටියි ප්‍රාදේශිය සභාවට 14ක්, මීරිගම ප්‍රාදේශිය සභාවට 12ක්, ලෙස ඉසින යන්ත්‍ර බෙදා දීම සිදු විය.

වත්තල නගර සභායට ඉසින යන්ත්‍ර 05ක්, වත්තල ප්‍රාදේශිය සභාවට 15ක්, පෑලියගොඩ නගර සභාවට 05ක්,  කැළණිය ප්‍රාදේශිය සභාවට  11ක්, බියගම ප්‍රාදේශිය සභාවට 10, මහර ප්‍රාදේශිය සභාවට 13ක් හා දොම්පේ ප්‍රාදේශිය සභාවට ඉසින යන්ත්‍ර  10ක් අද දිනය තුල බෙදා දීමට පියවර ගත් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා කීවේ හෙට (23) සිට දිස්ත්‍රික්කය පුරා විෂබීජ හරණ වැඩ සටහන ක්‍රියාත්මක කරණ බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.