චීනය ගුරුකොට ගෙන ‘ශ‍්‍රී ලංකාවටත් ලොක්ඩවුන්’ ඉල්ලන අය වෙනුවෙනි

කුසල් පෙරේරා

ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් ය. ලොක්ඩවුන් කියන්නේ ඔවුන් අනාථ කිරීමකි.

කුසල් පෙරේරා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවර “ලොක්ඩවුන්” අවශ්‍ය නැතැයි කීමේ වැදගත් තේරුමක් ඇත. චීනය එයට මුහුණ දුන් ආකාරයට සිංගප්පූරුව හා තායිවානය එයට මුහුණ දුන්නේ නැත. එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් ඊටත් මඳක් වෙනස් විය. ඒ රටවල “ලොක්ඩවුන්” කතා නොවිණ.

ලොක්ඩවුන්” චීනයෙන් පටන් ගත්තකි. පසුගිය දෙසැම්බර් අවසානයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ මේ කොරෝනා නැතිනම් “කෝවිඞ්-19” වයිරසය ජනවාරි පළමු සතිය වන විට එහිම දහස් ගණනක් ජනයා ගොදුරු වූ මහා වසංගතයක් බවට පත් විය.

එයට මුහුණදීමට චීන ආණ්ඩුව දින සතරක් ඇතුළත අංගසම්පූර්ණ විශාල රෝහල් දෙකක් සාදා නිම කළේය. නිව්යෝක් නගරයටත් වඩා විශාල, චීනයේ චිකාගෝව ලෙස සැලකෙන, මිලියන 11 ක ජනගහනයක් ඇති වුහාන් නගරය මුළුමනින් කොටුකර වැසීමට (ලොක්ඩවුන්) චීන ආණ්ඩුව වහා පියවර ගත්තේය. වුහාන් වලට යෑමට හෝ ඉන් පිටවන්නට කිසිවකුට අවසර නොලැබිණ. අත්‍යවශ්‍ය සේවා කිහිපය හැරුණු විට ගමනාගමනය ඇතුළු අන් සියලු සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් වූහානය තුළ තහනම් කෙරිණ. සියල්ලෝ නිවෙස් වලට කොටුවූහ. චීනයට මෙන් එවැනි බලහත්කාර දැඩි පියවර ගැනීමට අනෙක් බොහෝ රටවලට නොහැකිය.

චීනය අද්දර තිබෙන, තවමත් චීනය තමන්ගේ ප්‍රාන්තයක් යැයි කියන මිලියන 23.6 ක ජනගහනයක් ඇති තායිවානයේ පළමු කොරෝනා වයිරස් රෝගියා වාර්තා වූයේ ජනවාරි 21 වන දිනය. එදින සිට පසුගිය මාර්තු 16 වන විට මාස 02 ට ආසන්න කාලයක් තුල රෝගීන් 77 ට සීමා කරගත හැකි නිරෝධායන හා නියාමන පිළිවෙතක් තායිවානය ක්‍රියාවට නගා ඇත. ඉන් 22කු සුවය ලබා ඇත. එක් අයෙකු මියගොස් ඇත.

චීන ආණ්ඩුවේ විරෝධය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තායිවානයට මෙතෙක් ලැබී නැත. එනිසා ඔවුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලැබෙන සහාය ලැබෙන්නේ නැත. එහෙත් 2003 දී චීනයට ඉතා ආසන්න රටක් වශයෙන් “සාස් වයිරස” වසංගතයෙන් ලැබූ ඉතා කටුක අත්දැකීම් හේතුවෙන් ඔවුන් වසංගත සඳහා මුහුණදීමේ පිළිවෙත් හා විශේෂඥතාවන් දියුණු කරගෙන ඇත

චීන ආණ්ඩුවේ විරෝධය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තායිවානයට මෙතෙක් ලැබී නැත. එනිසා ඔවුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලැබෙන සහාය ලැබෙන්නේ නැත. එහෙත් 2003 දී චීනයට ඉතා ආසන්න රටක් වශයෙන් “සාස් වයිරස” වසංගතයෙන් ලැබූ ඉතා කටුක අත්දැකීම් හේතුවෙන් ඔවුන් වසංගත සඳහා මුහුණදීමේ පිළිවෙත් හා විශේෂඥතාවන් දියුණු කරගෙන ඇත. “අපි කල්තියා සූදානම් වුණා. චීනය ප්‍රකාශ කරන ගණන් හිලව් මත අපි තීන්දු ගන්නෙ නැහැ. අපි අපේ රට තුළ වසංගත පාලනය කර ගැනීම වෙනුවෙන් ඉස්සෙල්ලම කරන්නේ විදේශයන්ගෙන් රටට ඇතුළුවීම විධිමත් ලෙස පාලනය කිරීමයි.” ඔවුන්ගේ සෞඛ්‍ය ඇමති චෙන් ෂී-චුන් විදේශ මාධ්‍යයට පවසා තිබිණ. ඔවුන්ගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ජාතික සෞඛ්‍ය විධාන කේන්ද්‍රයක් ( National Health Command Centre) ස්ථාපිත කර ඒ හරහා සියලු තීන්දු, සියලු පියවර, සියලු තොරතුරු මධ්‍යගත කරන්නේය. ඒ සියල්ල නොපමාව නිල වශයෙන් ප්‍රසිද්ධ කරන්නේය. “අපි කරන්නේ මොනවද කියලා අපේ රටවැසියන් දන්නවා. රටක් හැටියට අපි ඉන්න තැනත් දන්නවා. ඒ නිසා ජනතාව කැමැත්තෙන් අපේ තීන්දුවලට අවනත වෙනවා.” එම කේන්ද්‍රයේ සාමාජිකයෙකු මාධ්‍යයට පවසා තිබිණ.

වසංගතවලට මුහුණදීමේ එවැනි පෙර සූදානමක් අප නොදන්නා නිසා හැම වසරකම ඩෙංගු පාලනයේදී පවා බරපතළ ගැටලුවලට මුහුණදීමට අපට සිදුව තිබේ. සෞඛ්‍ය සේවා ව්‍යුහ ප්‍රජා මට්ටමින් ශක්තිමත් කර ගැනීම වෙනුවට අප ඩෙංගු පාලනයට යොදා ගත්තේද චීනයේ වැනි බලහත්කාර අධිකාරවාදී විධාන මගින් රෝග පාලනය කරගැනීමේ පිළිවෙතකි

වසංගතවලට මුහුණදීමේ එවැනි පෙර සූදානමක් අප නොදන්නා නිසා හැම වසරකම ඩෙංගු පාලනයේදී පවා බරපතළ ගැටලුවලට මුහුණදීමට අපට සිදුව තිබේ. සෞඛ්‍ය සේවා ව්‍යුහ ප්‍රජා මට්ටමින් ශක්තිමත් කර ගැනීම වෙනුවට අප ඩෙංගු පාලනයට යොදා ගත්තේද චීනයේ වැනි බලහත්කාර අධිකාරවාදී විධාන මගින් රෝග පාලනය කරගැනීමේ පිළිවෙතකි. අප යැපෙන්නේ චීන විදේශ ආධාර මත පමණක් නොව, චීන අත්දැකීම් මත බැව්ද කොරෝනා වයිරසය පාලනය කිරීමේ උත්සාහ පෙන්වන්නකි. සමාජයේ දැනුවත් පිරිස්ද ලංකාවම වූහාන් වල මෙන් “ලොක්ඩවුන්” කරන මෙන් ඉල්ලා සිටින්නේ එහෙයිනි.

තායිවානයේ අත්දැකීම් සඳහා ලොව පුරා ඇත්තටම එතරම් අවධානයක් නැත. එයට එක් ප්‍රධාන හේතුවක් නම් ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර තැබීමය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලද තායිවානය හමුවන්නේ ඉඳහිට ය. එහෙත් කෝවිඞ්-19 පාලනයට නවීන ලෝකයේ තාක්ෂණය ඉතා මැනවින් යොදා ගන්නේ ඔවුන්ය. තායිවානයට “ලොක්ඩවුන්” අවශ්‍ය නොවුණේ එබැවිනි. සමූහ නිරෝධායන වෙනුවට ස්වයං නිරෝධායනය ඉතාම ඉහළ තත්ත්වයකින් පවත්වා ගැනීමට ඔවුන්ට හැකිව ඇත්තේත් එබැවිනි. ස්වයං නිරෝධායනයට යටත්ව ඇති පුද්ගලයකු අනිවාර්යෙන් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකව තබා ගත යුතුය. ඔවුන්ගේ දෛනික නියාමනය සිදුවන්නේ එමගිනි. යම් හෙයකින් කිසිවකු නියමිත ස්ථානයෙන් බැහැර වුවහොත් එය ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතන “සිම් කාඞ්” එක මගින් වහා සටහන් වන ආකාරයේ “ඇප්” එකක් තායිවානය හඳුන්වා දී ඇත. එවැනි විටෙක එවැනි පුද්ගලයෙකුට තායිවාන නව ඩොලර් 33,200 දක්වා වන දඩයක් අය කරනු ලැබේ.

තවත් පියවරක් වන්නේ කෝවිඞ්-19 පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමය. ඒ අනුව ආසාධිතයෙකු සමග කිසියම් සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ඉතා අවම මුදලකට අවශ්‍ය පරීක්ෂණ කරගත හැකිය. පරීක්ෂණ මධ්‍යස්ථාන සියල්ල ඔවුන්ගේ ජාතික සෞඛ්‍ය විධාන කේන්ද්‍රය හා ජාලගත කර ඇති අතර, කිසියම් පුද්ගලයෙකු ආසාධිත යැයි පරීක්ෂණයෙන් තහවුරු වුවහොත් එය ඒ මොහොතේම විධාන කේන්ද්‍රයේ දත්ත ගොනුවෙහි සටහන් වන්නේය. මේ වනවිට දිනකට එවැනි පරීක්ෂණ 800 ක් පමණ කෙරෙති. ඔවුන්ට ඉතාම වැදගත් වන්නේ වහා නිවැරදි තොරතුරු ලබා ගැනීම යැයි තායිවාන සෞඛ්‍ය ඇමති මාධ්‍යයට පැවසුවේ එවැනි යාන්ත්‍රණයක වැදගත්කම ඇතිවය. මුව වැසුම් නිෂ්පාදන අපනයනයද තායිවාන ආණ්ඩුව ආරම්භයේදීම තහනම් කළේය. රටේ සමස්ත මුව වැසුම් නිෂ්පාදනය ආණ්ඩුව මිලට ගත්තේය. එසේ ගත්තේ ප්‍රමුඛතා අනුව සලාක ක්‍රමයට බෙදා දීමටය. ඔවුන් එක් මුව වැස්මක් භාවිත කරන්නේ දින 03 ක් පමණි. එය ඉවත් කිරීමටද විශේෂ පිළිවෙතක් සකසා ඇත.

ඔහු අදහස් කෙරුවේ චීනය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හෝ හොංකොං රාජ්‍ය නොවේ. ඒවායේ එවැනි පැතිරීමේ තත්ත්වයක් නැත. ඔහු එසේ කියූවේ “විශාල වසංගත කොලනි හා පුද්ගල පැතිරීම් වලට මුහුණ දෙන රටවල අභියෝගය වන්නේ ඔවුන්ට එවැන්නක් කළ හැකිද යන්න නෙවෙයි. ඔවුන් එළෙසින් කරනු ඇතිද යන්නයි” කීමෙනි.

ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ දේහය රැගෙන යන අයුරු

එවැනි ඉතා පැහැදිලි සැලසුම් වෙනත් බොහෝ රටවල නොවීම මෙය ගෝලීය වසංගතයක් බවට පත්වීමට හේතුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ප්‍රධානියා විශ්වාස කරන්නකි. “ජාත්‍යන්තර කණස්සලකට හේතුවන හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්” මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළ පසුගිය ජනවාරි 31 වන දිනෙන් මාසයකුත් දින 10 ට පසු එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසුස් පසුගිය මාර්තු 11 වන දින ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, “පැතිරීමේ බරපතළ තත්ත්වය පිළිබඳව අපි ඉතාම කණස්සල්ලට පත්ව ඉන්නේ. විශේෂයෙන් ඉතා අවදානම් සහගත ඉහළ අක්‍රීයත්වයක් පැවතීම නිසා” යනුවෙනි. ඔහු අදහස් කෙරුවේ චීනය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හෝ හොංකොං රාජ්‍ය නොවේ. ඒවායේ එවැනි පැතිරීමේ තත්ත්වයක් නැත. ඔහු එසේ කියූවේ “විශාල වසංගත කොලනි හා පුද්ගල පැතිරීම් වලට මුහුණ දෙන රටවල අභියෝගය වන්නේ ඔවුන්ට එවැන්නක් කළ හැකිද යන්න නෙවෙයි. ඔවුන් එළෙසින් කරනු ඇතිද යන්නයි” කීමෙනි.

ඇමෙරිකා එන්සත් ජනපදය, මහ බි්‍රතාන්‍ය, ඉතාලිය වැනි රටවල් කෝවිඞ්-19 පැතිරීම පාලනය කර ගැනීමට තවමත් මහන්සි ගන්නා අතර, තායිවානයේ ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යන්නකි. පාසල් වසා නැත. විශේෂ නිවාඩු ලබාදී නැත. කාර්යාල, වෙළෙඳසැල්, ගමනාගමන පහසුකම් වෙනදා වැනිය. එනිසා ඔවුන්ගේ ආර්ථිකයද ආතතියකට හසුව නැත.

අප ඉන්නේ ඊට හාත්පසින් වෙනස් තැනක ය. අපගේ ආර්ථිකය බිඳ වැටී තිබුණේ කෝවිඞ්-19 එන්නට බොහෝ කලකට ඉහතින්ය. මේ තාවකාලික ආණ්ඩුවට පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමටද නොහැකි විය. දේශීය හා විදේශීය ණය ප්‍රමාණයන්ද අතිවිශාලය. එබැවින් ආණ්ඩුව ඉන්නේ බරපතළ ආර්ථික අසීරුවක ය. ඉන්පසු කෝවිඞ්-19 පැතිරීම පාලනය කරගැනීමට ගනු ලැබූ පියවර හැමවිටම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ඉලක්කය සමග ගැට ගැසූවක් විය. ඒ සියල්ල අසාර්ථකව ඇත. ජාතික ආර්ථික ක්‍රියාකාරකම්ද දැන් බිඳ වැටී ඇත. විශේෂයෙන් නාගරික මැද පංතිය විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩ මිලට ගන්නා සුපර් මාකට් කිසිදු වැදගත් ආරක්ෂණ පියවර නොමැතිව විවෘතව ඇත. නාගරික මැද පංතිය මාසයකට දෙකකට අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ මිලට ගත්තද සාමාන්‍ය ජනතාවට එවැනි මිලදී ගැනීමේ හැකියාවක් නැත.

ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් ය. ලොක්ඩවුන් කියන්නේ ඔවුන් අනාථ කිරීමකි

ඒ අතර, මාර්තු 11 වන දින සිට මෙය ලියන 18 වන බදාදා දින වන විට පළමු ආසාදිතයාගේ සිට 52 දෙනකු දක්වා ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඔවුන් හා සම්බන්ධකම් පැවති සංඛ්‍යාව හා ඔවුන් ගැවසුණු හා රැකියා කළ ස්ථාන පිළිබඳව විස්තර ජනතාවට ලබා දෙන්නේද නැත. එයම තව තවත් පැතිරීමට හේතු වන්නේය. ආසාදිතයින්ගේ සංඛ්‍යාව එසේ ඉහළ යන විට විශේෂයෙන් කොළඹ මැද පංතිකයින් ලොක්ඩවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ ආරක්ෂාවටම පමණි.

ලොක්ඩවුන් යනු සති කිහිපයකට ලංකාවම වූහානය වසා දැමූ ආකාරයට වසා දැමීමකි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහමුලින් අත්හිටුවන ක්‍රියාවලියකි. ඒ සමග රට පුරා විසිර ඇති දහස් ගණනක් කුඩා කඩ හිමියන් අනාථ වනු ඇත. දහස් ගණන් ස්වයං රැකියාලාභීන් අනාථ වනු ඇත. පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් අනාථ වනු ඇත. අපේ රටේ ත්‍රීරෝද රථ මිලියනයක් පමණ ඇත. ඔවුන් දෛනිකව ආදායම් උපයන්නන් ය. ලොක්ඩවුන් කියන්නේ ඔවුන් අනාථ කිරීමකි. ඊට අමතරව දෛනිකව කුලී වැඩ කරන්නන්, පදික වෙළෙඳුන් ලක්ෂ ගණනකි. නාගරික මැද පංතිකයින් කතා කරන ලොක්ඩවුන් යනු අවම මට්ටමින් ජනගහනයෙන් සියයට 40 ට වැඩි ජනතාවක් සහ ඔවුන්ගේ දූ දරුවන් අනාථ කෙරෙන, ඔවුන්ට නැවත ජීවිත ගැට ගසා ගැනීමටද නොහැකිවන අතිශය කුරිරු පියවරකි.

එබැවින් වූහානයේ ලොක්ඩවුන් තීන්දුව අපට අදාළ නොවන්නකි. අප වහා අවධානය යොමුකළ යුත්තේත් වහා අනුගමනය කළ යුත්තේත් කෝවිඞ්-19 වයිරසය සාර්ථකව පාලනය කළ තායිවානයේ ප්‍රායෝගික ආරක්ෂණ සැලැස්ම ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *