ජාතික ලිංගාශ්‍රිත රෝග – ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා  පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළාය.
 
එම නිවේදනයේ සදහන් වන්නේ කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දීම සිදු කෙරෙන බවත් නියමිත සායන සඳහා පැමිණිමට අපහසු පුද්ගලයින්ට  එම අවස්ථාවේදී තමන්ට ළගම සායනික ස්ථානයට ගොස්  ඖෂධ ලබාගත හැකි බවත් හෙට්ටිආරච්චි මහත්මිය සදහන් කළාය.
 
දිවයිනපුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායනවල දුරකතන අංක ආයතනයේ වෙබ් අඩවිය වන  WWW.aidscontrol.gov.lk  වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද  සදහන් කළ හෙට්ටිආරච්චි මහත්මිය සායන සඳහා පැමිණෙන පුද්ගලයින්ට  සිය ජංගම දුරකතනයට එවනු ලැබූ කෙටි පණිවිඩය  පොලීසියට පෙන්වීමෙන් ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේදී ඇදිරිනිතී බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවත් සදහන් කළාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.