ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි  ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.