වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා.
වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට රැස් වුණා. එදින සිට වසර 4 ½ ක ගත වූ පසු එය විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙනවා.
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කැර ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (01) මාතර දී සඳහන් කළා.