මඩු වළිගෙන් තලන්න හිතෙන ‘සිරිසේනගේ’ උකුසු කතාව’

‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ.

කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි.

පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා ‘කට’ බොහෝ විට ‘ඇනගත්තා’. ඔහු ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරය දරන සමයේ මර්වින් සිල්වාගේ මැරකම් නිසා ඇති වුණ අවුලේදී ‘මම බම්බු ගහන්නද?’ කියලා ඇසුවා අපි කාටත් මතකයි. එදා සිට බොහෝ මාධ්‍යකරුවන් ඔහුව හැඳින්වූයේ ‘බම්බු සිරිසේන’ කියලයි.

බම්බු සිරිසේන ජනාධිපති වුණට පස්සෙත් ‘කට’ පරිස්සම් කරගත්තෙම නැහැ. ‘මඩුවළිඟ කතාව’ ‘තනපට කතාව’ ‘කජුකතාව’ වගේම ‘සමනල කතාව’ත් ඔහුට ලබා දුන්නේ නිමක් නැති අපකීර්තියක්.

ඒ හැම අවස්ථාවකදී ඔහු පුද්ගලිකව අගතියට පත් වුණත් පසුගිය දා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ පොදුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යනඑන මං නැති කරන බවයි මේ වන විට දේශපාලන කරළිය තුළ දැඩිව අවධාරණය වෙන්නේ. විශේෂයෙන් ලංකාවේ දේශපාලනයේ ජනමතය නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛ චරිතයක් වන විමල් වීරවංශ සිරිසේනගේ උකුසු කතාවට එරෙහිව ‘අවි අමෝරා ගැනීම’ කිසිසේම යහපත් තත්ත්වයක් නෙමෙයි.

මේ තත්ත්වය තුළ බොහෝ දෙනෙක් කියන්නේ ‘සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිඟාකන තැනට/ යනඑන මං නැති තැනට’ පත් කළා කියයි.

‘මේ මනුස්සයා අපක්ෂය නන්නත්තාර කළා’ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.
සිරිසේනගේ දියකා – උකුසු කතාව බොහොම පහසුවෙන් වටහා ගත හැකි බව මේ අතර පොහොට්ටුවේ ප‍්‍රබලයින් කියනවා. ඔවුන් කියන්නේ 2014 දී ‘මහා පාවාදීම කළ’ පුද්ගලයා 2020 දී පාර්ලිමේන්තුවට කැඳවා ගැනීම ‘කොරෝනාවලට’ වඩා වසංගත තත්ත්වයක් විය හැකි බවයි.

‘ඔහු ජනාධිපතිවරයාව සිටිදී කළ කිසිවක් නැහැ. එවැනි පුද්ගලයෙක් යළිත් පාර්ලිමේන්තුවට ඇවිත් මොනවා කරන්නද ?’ ඔහු ප‍්‍රශ්න කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ (3) මාධ්‍ය හමුවකදී කිව්වේ සිරිසේන ජනාධිපතිවරයාගේ උකුසු ගැහිලා නිසා මුළු යහපාලන ආණ්ඩුවම විනාශ වූ බවයි. අවසානයේ එජාපවටත් (කා සමග සන්ධානගත වීද කියලා නැති වුණත්) උකුසු ගැහිල්ලක් ගහන්න සිරිසේන මහතා උත්සාහ කළ බවට රංගේ බණ්ඩාර චෝදනා කළා.

‘සජිත් පේ‍්‍රමදාසව කාර් එකේ දාගෙන මුරුංගා අත්තේ තිබ්බේ මේ උකුසු ගැහැල්ලට තමයි’ එජාප ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.

කොහොම වුණත් සිරිසේන සමීප ආරංචි මාර්ග කියන්නේ ඔහුට පොළොන්නරුවෙන් මනාප ලබා ගැනීම හිතන තරම් පහසු නැති බවයි. ඔහු ‘පරාජය කළ යුතු’ අපේක්ෂකයෙක් ලෙස පොළොන්නරුවේ ගොවි ජනතාව සිතන බව ද ඔහු සඳහන් කළා.

‘කට නිසා නහින මාළුවා’ කතාව යළි සංශෝධනය කිරීමට කාලය ඇවිත් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *