මත්තලින් පිටරට යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සදහා පිටත් ව යන පිරිස ලක්ෂ 02 ක් පමණ වේ. මෙම සංක්‍රමණික සේවකයන්ගේ 20%ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව හෙළිව තිබේ. මත්තල ගුවන් තොටුපළේ අලෙවි කරන ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් මේ බව හෙළිව තිබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. මෙම සංක්‍රමණික සේවකයන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා විදේශගත කිරීමේ වැඩපිළිවෙල හරහා ගුවන් තොටුපල ගුවන් ගමන් සදහා ආකර්ෂණිය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බැවින් ඉදිරියේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසු රණතුංග මහතා එමගින් විදේශ රැකියා සදහා පිටත්ව යන අයට ද සහන සැලසෙන බව පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක මේ වන විට නිරත ව සිටි. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙරට කළමණාකරුවන් සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. ඉතා කඩිනමින් මත්තල සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ද රණතුංග මහතා කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.