මහ මැතිවරණය සඳහා දිනයක් තීරණය කරන තුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්රචාරක කටයුතු නවතා කොවිඩ් – 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් පවසයි.
මහින්ද දේහප්රිය මහතා විසින් සිය මුහුණුපොතේ තබා ඇති සටහනේ මෙසේද සදහන් වේ. ‘මේ වෙලාවේ අපි සැවොම එකතු වෙලා කරන්න අවශ්‍ය එකම දේ කොවිඩ් සතුරා පරාජය කරන එක. ඒ් වගේම ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේ දී නොකර සිටින ලෙසත් අපි ඉල්ලා සිටිනවා.
මහා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම යළි සලකා බැලීම පවා කරනු ලබන්නේ කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාසයකට පසුව එනම් ලබන අප්‍රේල් මස 20 වැනි දිනය පසුවී බව ද මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර තිබෙනවා.