මහ මැතිවරණයට නාම යෝජනා කැඳවන්න මැතිවරණ කොමිසම සූදානම්

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන අංශ විශ්වාසය පළ කරනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව එහි ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙන් සදහන් කළා.

තැපැල් ඡන්ද කැදවීම්, තැපැල ඡන්ද දින නියම කිරීම්, ඇප මුදල් තැන්පත් කිරීම්, ප්‍රචාරක කටයුතු අවසන් කිරීම ආදී බොහෝ කටයුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිත බවත් එම ගැසට් නිවේදන මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කිරීමට සූදානම් බවත් ඔහු සදහන් කළා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.