පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත.
ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා සිදුවනු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණ යඅප්‍රේල් මස 25 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි 14 දා සිදු කිරීමට නියමිතය.
පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි. ඒ අනුව එම කාලසීමාව සම්පූර්ණ වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.