ලංකාවේ ලොකු ලුණු මිල අහසට උස්සන ඉන්දියාවේ ලොකු ලුණු අර්බුදය

ලොකු ළුෑණු එහෙම නැතිනම් බී ලූණු මිල නැවතත් දරා ගන්න බැරි තරමට ඉහළ ගිහින්. ලංකාවේ මිනිස්සු කන හැම දෙයක්ම මෙහෙම වවලා කන්න ඔ්නෑ කියලා හිතන ඊනියා ප‍්‍රතිපත්ති සම්පාදකයොයි ඔවුන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්න නිලධාරිනුයි කියන කතා කෙසේ වෙතත් ඇත්ත කතාව කියන්නේ පිටකොටුවේ ලොකු ලූණු ආනයනකරුවෝ. ඔවුන් කියන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට ඇති බාධා, ඉන්දියාව සහ පාකිස්ථානය ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීම නිසා ලංකාවට ලොකු ළුෑණු ආනයනය කිරීමට නොහැකි බවයි. ඈත තුර්කිය ආදි රටවලින් ආනයනය කළහොත් යන ප‍්‍රවාහන විදයම ආදිය වැඩි බවයි. මේ තත්ත්වය තුළ තවත් කාලයක් ලොකු ලූණු මිල ‘අහසේ’ තිබිය හැකි බවයි ඔවුන් කියන්නේ.

ඉන්දියාවේ ලොකු ලූණු එහෙම නැතිනම් ‘බී ලූණු’ ගැන හොයලා බලන්න හිතුණේ පසුගිය දා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ දැක්ක ප‍්‍රධාන පුවතක් නිසා. ඒ තමයි ‘ඉන්දියාවේ ලොකු ලූණු ගොවියෝ මිල පහළ යාම නිසා කබලෙන් ලිපට වැටිලා’.

මේකත් අපිට ඒ තරම් නුහුරු නුපුරුදු කතාවක් නොවුණත් ‘ඉන්දියාවේ ලොකු ලූණු ගොවීන්ගේ කතාව’ නම් බී ලූණු කන කවුරු වුණත් අහන්න වටින කතාවක්.

ඉන්දියාවේ ලූනු අර්බුදය

‘ලූනු’ යනු ඉන්දියාවේ වඩාත්ම ‘දේශපාලන’ එළවළුව කියලා තමයි ඉන්දිය මාධ්‍ය කියන්නේ. ඒකට හේතු රැුසක් තිබෙනවාලු.

පසුගිය සතිය තුළ ු ලූනු මිල නැවතත් ඉන්දියාවේ ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල ‘ප‍්‍රධාන සිරස්තල’ බවට පත් වුණා. මෙම පැණිරස හා රසවත් එළවළු මෙතරම් දේශපාලනික වීමට හේතුව කුමක්ද යන්න ගැන ඒ නිසාම සොයා බැලිය යුතුම වුණා.

ලූනු – ඉන්දියානු ඉවුම් පිහුම්වල බහුලව දක්නට ලැබෙන අතර ‘දුප්පත් මිනිසාගේ එළවළුව’ ලෙසත් හදුන්වනවා. එය ඉන්දීය ජනතාව අතර එතරම්ම සුලභ එළවළුවක්.

ලූනු සොරුන් පොළඹවා ගැනීමට, ජීවනෝපායන් විනාශ කිරීමට සහ උච්චාවචනය වන මිලෙන් (උද්ධමනයේ මිනුමකින්) – ඉන්දියාවේ බලවත්ම දේශපාලනඥයින්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට ද සමත් බලයක් හිමිකර ගෙන තිබෙන ‘බලවත්’ එළවළුවක්.

එය මනසේ තබාගෙන, සමහර විට එම දේශපාලනඥයි මේ සතියේ මඳක් ලූනු ගැන සැලකිලිමත් වීම පුදුමයක් නොවෙයි.

ඉතින්, ඉන්දියාවේ ලූනු සමඟ හරියටම සිදුවන්නේ කුමක්ද ? කෙටියෙන් කිවහොත් එහි මිල ‘අහස උසට’ නැඟ තිබෙනවා.

අගෝස්තු මාසයේ සිට ඉන්දියාවේ ළූණු මිල ඉහළ යමින් තිබියදී ඉන්දීය රුපියල් 25ක් (ඩොලර් 0.35 – 0.29) ඔබට කිලෝවක් මිලදී ගත හැකියි. එහෙත් ඔක්තෝබර් ආරම්භයේදී එම මිල රුපියල් 80ක් (ඩොලර් 1.13ත – 0.91) දක්වා ඉහළ ගියා.

මෙම මිල ඉහළ යාමට බියෙන් භාරතීය ජනතා පක්ෂ BJP රජය විසින් ලූනු අපනයනය තහනම් කළේ දේශීය මිල ‘පහත’ වැටෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනුයි. එය එසේම සිදු වුණා. (ලංකාවේ මෙන්ම)

සැප්තැම්බර් අග වන විට ලූනු මිල ඉහළ ගියේය

බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි ආසියාවේ විශාලතම ලූනු තොග වෙළඳපොළ වන ‘ලසල්ගෝන්’ හි බ්‍රහස්පතින්දා ලූනු කිලෝවක් රුපියල් 30කට අඩු මුදලකට අලෙවි වුණු දැකගත හැකි වුණා.

මේ මිල පහළ යාම ගැන සෑම කෙනෙකුම සතුටු වුණේ නම් නැහැ.

මන්දගාමී ඉන්දියානු ආර්ථිකයක් තුළ ඉහළ මිල ගණන් පාරිභෝගිකයින් කෝපයට පත් කර ඇති අතර, මිල පහත වැටීම සති කිහිපයකින් ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීමට නියමිත මහාරාෂ්ට්‍රයේ අපනයනකරුවන්ගේ සහ ගොවීන්ගේ විරෝධයට හේතු වුණා.

අපනයන තහනම ඉන්දියාවේ සහ එහි අසල්වැසි බංග්ලාදේශය අතර වෙළඳ සබඳතා අඩාල කිරීමට ද හේතුවක් වුණා.

නමුත් ළූණු එතරම් වැදගත් වන්නේ ඇයි ?

ළූනු දුප්පතුන් සඳහා ප්‍රධාන එළවළු වර්ගයක් වන අතර එය බොහෝ ඉන්දියානු ආහාර සහ වට්ටෝරුවලට අත්‍යවශ්‍ය වෙනවා. කුළුබඩු ව්‍යංජන සිට රසවත් රසකාරක දක්වා එය බහුලව භාවිත වෙනවා.

‘මහාරාෂ්ට්‍රයේ එළවළු නොමැති නම් හෝ ඔබට එළවළු මිලදී ගැනීමට නොහැකි නම්, මිනිසුන් ‘පාන් සමග ළූණු’ අනුභව කරනවා’ යැයි වෛද්‍ය මොහ්සීනා මුකඩම් පැහැදිලි කරනවා.

දකුණේ සහ නැගෙනහිර වැනි රටේ ඇතැම් ප්‍රදේශවල ළූණු බහුලව භාවිතා නොවන අතර සමහර ආගමික ප්‍රජාවන් ඒවා කිසිසේත් අනුභව කරන්නේ නැහැ.

එහෙත් ලූනු විශේෂයෙන් ජනප්‍රිය වන්නේ වැඩි ජනගහනයක් සහිත උතුරු ප්‍රාන්තවල යි. විශේෂයෙන් ම වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට යවනු ලබන ප‍්‍රාන්තවලයි.

‘උතුරු ඉන්දියාවේ පාරිභෝගිකයින් ෆෙඩරල් රජය කෙරෙහි වැඩි බලයක් දරනවා. එ නිසා ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල පාරිභෝගිකයින් ලූනුවල වැඩි මිල ගණන් ගැන පැමිණිලි නොකළද, උතුරු ඉන්දියාවේ සිටින අය එසේ කරන්නේ නම් රජයට පීඩනය දැනෙනවා’ යැයි ප‍්‍රතිපත්ති පර්යේෂක මිලින්ඩ් මුරුග්කර් පවසනවා.

ලූනු කොතරම් සර්වසම්පූර්ණද යත් රජය ඒවා අඩු මිලට විකුණනු ලැබේ

මිල පහත වැටීම ප්‍රධාන වශයෙන් මහාරාෂ්ට්‍ර, දකුණේ කර්ණාටක සහ බටහිර ගුජරාටයේ ලූනු ගොවීන්ගේ ආදායමට ද ඍජුව බලපානවා.

‘ගොවීන් ලූනු දකින්නේ කෙටිකාලීනව වර්ධනය වන මුදල් බෝගයක් ලෙසයි. අඩු ජලය සහිත වියළි ප්‍රදේශවල ඒවා හොඳින් වැඩෙනවා’ යනුවෙන් වසර ගණනාවක් තිස්සේ ‘ලූනු පහර’ මත රැඳී සිටින මාධ්‍යවේදියෙකු වන දීප්ති රාවුට් පවසනවා.

‘එය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වැනි ගොවීන්ට ආදායම සහතික කරන අතර සමහර විට ඔවුන්ගේ ගෘහ අයවැය ලූනු නිෂ්පාදන මත රඳා පවතිනවා’

ළූණු කොල්ලකරුවන් පවා ආකර්ෂණය කර ගෙන තිබෙනවා. 2013 දී මිල ඉහළ ගිය විට සොරුන් ලූනු පටවා ගත් ට්‍රක් රථයක් සොරකම් කිරීමට උත්සාහ කළ නමුත් පොලීසිය විසින් අල්ලා ගත්තා.

දේශපාලනඥයින් ලූනු ගැන සැලකිලිමත් වන්නේ ඇයි ?

සරලව කිවහොත්, මිල එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් බොහෝ දුරට ගමන් කිරීම නිසා ඡන්දදායකයින් විශාල සංඛ්‍යාවක් කෝපයට පත් විය හැකියි. ඔවුන් එදිනෙදා කුටුම්භයන් හෝ රටේ ගොවීන් වේවා. දේශපාලනඥයින් ඒ ගැන වඩාත් සංවේදීයි.

දිල්ලි රජය සහනාධාර ලූනු පිරවූ වෑන් 70 ක් ප්‍රවාහනය කළේය

ලූනු කෙතරම් තීරණාත්මකද යත් ඒවා මැතිවරණ ව්‍යාපාරවල පවා දක්නට ලැබෙනවා. මිල ගණන් උපරිම මට්ටමක පැවති දිල්ලියේ ප්‍රාන්ත රජය ඒවා සහනාධාර මිල ගණන් යටතේ මිල දී ගෙන විකුණීමට පියවර ගත්තා. මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ලබන වසරේ නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව සඳහන් කළ යුතුවත් තිබෙනවා.

මේ අතර, 1980 දී ඉන්දිරා ගාන්ධි බලයට පත්වූයේ පසුගිය රජයේ ආර්ථික අසාර්ථකත්වයේ රූපකයක් ලෙස ඉහළ යන ලූනු මිල භාවිතා කළ සටන් පාඨ මතයි.

නමුත් මේ වසරේ ලූනු මිල ඉහළ ගියේ ඇයි ?

ජාතික කෘෂිකාර්මික සමුපකාර අලෙවිකරණ සම්මේලනයේ අධ්‍යක්ෂ ‘නනාසහෙබ් පටිල්’ පවසන පරිදි අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ විශාල ප්‍රදේශවල බෝග විනාශ වන අතර ළූණු තොගයෙන් සියයට 35කට පමණ හානි සිදු වුණා.

ඔහු කියා සිටියේ ගංවතුර තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ නිෂ්පාදන කටයුතු සඳහා ඊළඟ වටය ප්‍රමාද වී ඇති බවයි.

‘මෙය මෑත දශක කිහිපය තුළ තරමක් නිත්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා’ මුරුග්කර් මහතා පවසනවා.

‘ළූණු මිල කුඩා පහත වැටීමක් හෝ නිෂ්පාදනයේ වැඩි වීමක් සමඟ විශාල ලෙස වෙනස් වෙනවා’

ඇත්ත වශයෙන්ම, හිඟය – සහ පසුව මිල ඉහළ යාම – සෑම වසරකම පාහේ මෙම කාලය තුළ සිදු වන බව රවුට් මහත්මිය පවසනවා.

‘එය විෂම චක්‍රයක් වන අතර වෙළෙන්දන්ගේ සහ අතරමැදියන් සුළු මිල උච්චාවචනයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නවා’

විසඳුම කුමක්ද ?

රවුට් මහත්මිය පවසන්නේ වඩාත් බිම් මට්ටමේ සැලසුම් සහ වඩා හොඳ ගබඩා පහසුකම් සහ ආහාර සැකසුම් සේවා ගැටලුව සමනය කරනු ඇති බවත් – රට පුරා විවිධාකාර මුදල් භෝග සහ එළවළු ලබා දීමෙන් ළූණු මත ඇති වන පීඩනය ලිහිල් වනු ඇති බවයි.

‘ළූණු මිල ඉහළ යන විට රජය ඉක්මන් ක්‍රියා කරනවා. මිල පහත වැටුණු විට ඒවා වේගයෙන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි ? මහාරාෂ්ට්‍රයේ ලූනු ගොවියෙකු වන විකාස් ඩාරෙකර්ගෙන් අසනවා.

‘රජය ගොවීන්ගෙන් ලූනු සාධාරණ මිලකට මිලදී ගත යුතුයි’ ඔහු අවධාරණයෙන් කියනවා.

කෙසේ වෙතත්, මුරුක්කර් මහතා සිතන්නේ රජය කිසි විටෙකත් ‘ලූනු කටයුතුවලට’ මැදිහත් නොවිය යුතු බවයි.

‘ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ නැංවීමට ඔබ උනන්දු වන්නේ නම්, ඔවුන් අපනයන සීමා නොකළ යුතුයි. අපට මෘදුකාංග අපනයනය තහනම් කර තිබෙනවාද ? එය ඇත්තෙන්ම විකාරයක්. මෙතරම් විශාල බහුතරයක් දිනාගත් රජයකට පාරිභෝගිකයින් සුළු පිරිසකගේ පීඩනවලට ඔරොත්තු දිය නොහැකිද ?

ඉන්දියාවේ ලූනු ගොවීන්ගේ, පාරිභෝගිකයින්ගේ සහ ආණ්ඩුවේ කතා කියවන කොට මට හිතුණේ ‘ලංකාව නම් ඉන්දියාව වගේ නැහැ’ කියලයි. ඒ ඇයි කියලා කියන්න බැහැ.

බී.බී.සී වාර්තාවක් ඇසුරින් සකස් කළේ – Thushadhavi

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.