හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අලුත්ගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ හිඟයක් තිබෙන බවට පෙන්වා දුන්නත් එදා ආණ්ඩුව එය පිළි නොගත් බවත් මේ නිසා ප්‍රශ්නය උත්තරයක් නොලැබුණු බවද සදහන් කළ අලුත්ගේ මහතා මේ නිසා ඖෂධ ගැටළුව විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන බවද සදහන් කළේය.