එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ලකුණු සම්බන්ධයෙන් පවතින අර්බුදවලින් රටටත් ජනතාවටත් ප‍්‍රයෝජනයක් නැති බව රුවන් විජේවර්ධන මහතා අද (8) සිරිකොතදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. විජේවර්ධන මහතා එහිදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහ ඔවුගේ සගයින්ට තවමත් එජාපයේ දොරටු විවෘත බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා මෙසේ ද සදහන් කළා.
“මම දැක්කා විවිධ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ඇති වී තිබෙන අර්බුද රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා. රාජපක්ෂලා විසින් ඉතිහාසයේ විවිධ පක්ෂ කඩන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක අවස්ථාවකදී කඩන්න කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කඩලා ඔවුන්ට එකතු කර ගත්තා. ඔවුන් එදා ඉඳන්ම හිටියේ මේ වගේ දේශපාලන ගමනක.
එක්සත් ජාතික පක්ෂය ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කළා. මේක එහෙම කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. අපි කාත් එක්කවත් ඩීල් දාලා නෑ.
සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළාම එහි ගැටලු තිබුණා. අපේ නීතිඥවරුන් නැගිටලා කිව්වේ මේක සන්ධානයක් වුණාට පක්ෂයක් විදියටයි ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒ නිසා අපේ පක්ෂයෙන් නාම යෝජනා දෙනකොට කවුරු හරි එයාලගේ කෙනෙක් ඇවිත් නඩුවක් දැම්මොත් මුළු නාමයෝජනා පත්‍රයම අහෝසි වෙන්න පුළුවන් කියන අවධානම තියෙනවා කියලයි. අනෙක් ප්‍රශ්නය ඇති වුණේ ලකුණට.
ජනතාව වෙනුවෙන් අපි එකට එකතුවෙලා ගමන් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාටත්, එතුමා සමග සිටින මගේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පක්ෂයේ දොර වහලා නෑ. තවමත් ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දොර විවෘතයි. මේ ප්‍රශ්නවලින් රටටවත්, ජනතාවටවත් ප්‍රයෝජනයක් නෑ.