සජිත්ට ප්‍රසන්නගෙන් ලකුණක්

ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය.

අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය ඉල්ලන බවත් ඇමතිවරයා කීවේය. රැස්ව සිටි ජනතාව එවිට කීවේ ලකුණ ලෙස බූරුවා යොදා ගැනීම වඩාත් හොද බවයි. ඊට ප්‍රතිචාර දැක් වු රණතුංග මහතා සජිත්ට බූරුවා හොද වැඩි යැයි කීවේය.

ඒ වෙනුවට හිස හංසයෙකු වැනි බෙල්ලේ දුරකතනයක් ගැට ගැසු හදවත පශ්චාත් භාගයේ ගසා ගත් අලියෙකුගේ ලකුණ එක්සත් ජාතික පක්ෂයට වඩාත් ගැලපෙන බවත් වලිගයේ සීනුව ගැට ගැසුවොත් එය තවත් සුදුසු බවත් ඇමතිවරයා කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.