එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායම නොපැමිණි නිසා එම තීරණය දැනුම් දීමට නොහැකි වූ බවයි.
පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මෙම තිරණය ගත් බවත් පැවසූ මහලේකම්වරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවත් කිසිදු හේතුවක් මත අලියා හැර වෙනත් ලකුණුවලින් තරඟ කිරීමට තමන් සූදානම් නොමැති බවත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බවයි.