විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.