කොරෝනා වයිරසය ආසාදිත 11 වැනි ශ්‍රි ලාංකිකයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සදහන් කළ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර ඇත.
අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවත් ඔහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම නියැලුණු බවද හඳුනාගෙන ඇති බවයි.
මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල්ජාසිංහ මහතා සඳහන් කළේය.