15 දා සිට යුරෝපා රටවල් 08කට ශ‍්‍රී ලංකාව තහනම්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. ධර්මදාස මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි.

ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් තහනම් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයිග

ධර්මදාස මහතා කියා සිටියේ මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති අතර එම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.