කොරෝනා නිරෝධායනයේදී කන්න දෙන්න ගාස්තු අය කරන තීන්දුව හකුළා ගනී

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට ලක් කිරීමේදී දින 14ක කාලය තුළ එක් පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා.

රජය මීට පෙර සඳහන් කළේ අදාළ පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරන බවයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වූ ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පැවසුවේ ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ ආකාරයෙන් මුදල් අය කිරීම සාධාරණ නොවන බවයි. සමාජ මාධ්‍ය මගින් එල්ල වූ ප‍්‍රබල විරෝධය හමුවේයි රජය මේ පියවර ගෙන තිබෙන්නේ.

රජය විසින් නිකුත් කළ අදාළ ලිපිය පහත පළ වෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.