Covid 19 ‍දේශීය උණුසුම් පුවත් සියල්ල: කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවත් මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. මේ අනුව දිවයින පුරා පුද්ගලයින් 14,111 දෙදෙනකු නිරෝධානයට ලක්ව සිටී.

කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ ශ්‍රී ලංකාවේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් 77 දෙනාගෙන් 48 දෙනකු විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් වන බවයි.

තවත් 27 දෙනෙක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොරෝනා ආසාදනය වූවන් බව ද තවත් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති ආකාරය පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

දැඩි සත්කාර ඒකක වැඩි කිරීමට පියවර

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බවත් ඒවා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සූදානම් කොට ඇති බවත් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් පළිහවඩන මහත්මිය සදහන් කළේ දැඩි සත්කාර ඒකක වැඩිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් රෝහල් සඳහා අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදී ඇති බවත් තවදුරටත් ඒවා ලබාදීමට කටයුතු කරන බවත්ය.

කොරෝනා ආසාදිත මවුවරුන් හා දරුවන් සදහා රෝහල් සූදානම් වන අයුරු

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකරන මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ජසිංහ මහතා කියා සිටියේ කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රොස්ටරයකට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශයේ ප්‍රතිකාර අවශ්‍ය පරිදි ආරම්භ කරනු ඇති බවයි.

කොරෝනා අවදානමට ඇති සූදානම පිළිබද වැඩි දුරටත් කරුණු හෙළි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්්ෂ ජනරාල්වරයා කියා සිටියේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට කොරෝනා ආසාදිත කුඩා ළමුන් ද ඇතුළු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවත් එහි සාමාන්‍ය ඇඳන් 100ක්, දැඩි සත්කාර ඇඳන් 30ක්, මාතෘ රෝගීන් සඳහා ඇඳන් 30ක් සහ මාතෘ රෝගී අධි දැඩි සත්කාර ඇඳන් 6ක් එහි සූදානම් කර ඇති බවත් කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඇදන් 30ක් ද මේ සඳහා වෙන්කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.