ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බවත් එම නීතිය හෙට (10) සිට ක‍්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ අද (9) දින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය.
මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී – යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.
මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ රජය විසින් අපේ‍්‍රල් 19 වැනිදා දක්වා පනවා ඇති නීති රීතිවලට අවනත වී, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් නිරෝධාන ක‍්‍රියාවලියට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
මෙහිදි යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි. මෙම පුද්ගලයින් සියලූ දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පි.සී.ආර් පරීක්ෂණය දෙවතාවක් සිදුකිරීමෙන් පසුව මෙලෙස පිටත් කර හැරි බවද මේ වන විට පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.
මෙවර සිංහල අලුත් අවුරුද්ද නිවස තුළ, නිවැසියන් සමග පමණක් සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය. ජාසිංහ මහතා කියා සිටියේ චීනය රජය විසින් ද ඔවුන්ගේ අලුත් අවුරුද්ද මේ ආකාරයෙන් නිවස තුළට පමණක් සීමා කළ බවයි.
මෙම මාධ්‍ය හමුවේ සියලු තොරතුරු පහත පළ වේ.


