කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය Covid-19 අවසන් වන තෙක් දීර්ඝ කරයි

කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ.

මේ සම්න්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඉකුත් මාර්තු මස 10 වැනිදායින් කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ කාලසීමාව අපේ‍්‍රල් මස 15 වැනිදායින් අවසන් වූ බවත් පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කාර්යාල කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් සදහන් කළ මහින්ද අමරවීර ඇමතිවරයා මෙම කාලසීමාව කොරෝනා තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කළ යුතු බවට උපදෙස් ලබා දුන්නා.

මේ වන විට රියැදුරු බලපත‍්‍ර 50,000ක් පමණ සකස් කර අවසන් බවත්, තවත් 40,000ක් සකස් කිරිමට නියමිතව ඇති බවත් සදහන් කළ අමාත්‍යවරයා, ලබන 20 වැනිදායින් පසුව සකස් කිරිමට නියමිතව ඇති බලපත‍්‍ර සකස් කිරීමට පියවර ගන්නා බවද සදහන් කළා.
 
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප‍්‍රධාන ශාඛාවේ අත්‍යවශ්‍යම සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් ලබන 20 වැනිදා සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරයා පිට පළාත්වල ඇති කාර්යාල විවෘත කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති කිබෙනවා.
 
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු මාසයේ සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වසා දමා ඇති බැවින් දිනකට අලාභය රුපියල් මිලියන 30ක් පමණ වන බවයි.

මේ තත්ත්වය තුළ ඇතැම් සේවා සපයන ආයතන සදහා ගෙවිය යුතු මුදල් ද ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළා.
 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.