රෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති.
එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ “සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති” බවය.
හොංකොංහි ‘සිටි’ (City) සරසවියේ වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel Almendros) බීබීසියට ප්‍රකාශයක් කරමින්, “සුරතල් බල්ලෙකු හෝ බළලෙකුගෙන් මිනිසෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීමක් පිළිබඳව එකම සිද්ධියක් හෝ මෙතෙක් වාර්තා වී නැතැයි” සඳහන් කළේය.
මේ අතර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, බළලුන්ගෙන් තවත් බළලුන්ට වෛරසය පැතිරයාමේ හැකියාවක් පැවතිය හැකි බවය.
කෙසේවුවද, වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කාලයක – ආරක්‍ෂිත පියවරක් වශයෙන් – කළ හැකි නම්, බළලුන් ගේ තුළ රඳවා තබා ගැනීම යෝග්‍ය බව වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් පෙන්වා දෙයි.

එම උපදේශය සමඟ තමා එකඟ වන බව බ්‍රිතාන්‍ය පශුවෛද්‍ය සංගමයේ (BVA) සභාපතිනි ඩැනියෙලා ඩොස් සැන්ටෝස් බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළාය.
“එහෙත් සුරතල් සතුන් ගේ තුළම රඳවා තැබෙන පූර්ව ආරක්ෂක පියවර ගතයුතු යයි සුරතල් සතුන් හිමියන්ට නිර්දේශ කෙරෙන්නේ, සුරතල් සතෙකු ජීවත්වෙන නිවසක වෙසෙන කවුරුන් හෝ රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කළහොත් පමණක්” යයි බ්‍රිතාන්‍ය පශුවෛද්‍ය සංගමය ආරම්භයේදී ම පැහැදිළි කරනු ලැබ ඇතැයි ද ඇය සඳහන් කළාය.
“නමුත් සුරතල් සතුන් ඇති කරන සියලු දෙනාම සනීපාරක්‍ෂාව සඳහා දෑත් පිරිසිදු කර ගැනීම පුරුද්දක් ලෙස පවත්වා ගත යුතුයි” වෛද්‍යවරිය කියා සිටින්නීය.
“සතෙක් වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයකු සමඟ ගැවසුනොත්, එම සතාගේ ඇඟේ ලොම් මගින් වෛරසය හුවමාරු වීමේ ඉඩක් තිබෙනවා”
මෑතදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස්, හොංකොං හි කොවිඩ්-19 ආසාදනය විනැයි විනිශ්චය කෙරුණු සුරතල් බල්ලෙකු පිළිබඳ සිදුවීමක් ගැන සඳහන් කරයි.
සුනඛයාට එම වෛරසය අසාදනය වී තිබුණේ ,එම සුරතල් සතාගේ හාම්පුතාගෙන් යයි පෙනී ගිය බවත් වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් සඳහන් කරයි.
“එම සුනඛයාට වෛරසය ආසාදනය වූ බව පරීක්ෂණයේ ප්‍රතිඵලය වූ නමුත් එමගින් සතුන් රෝගීභාවයට පත්වෙන්නේ නැහැ”
“2003 අවුරුද්දේ සාර්ස් (Sars-Cov) වෛරසය හොංකොං හි පැතිරයමින් තියෙද්දී සතුන් ගණනාවකට වෛරසය ආසාදනය වුණා. එහෙත් එම සතුන් රෝගී තත්ත්වයට පත් වුණේ නැහැ. බල්ලන් හෝ බළලුන් රෝගී වූ බවට සහ එම සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වූ බවට සාක්ෂි නැහැ” ඔහු පැහැදිළි කළාය.
මිනිසාගෙන් සතුන්ට වෛරස් ගමන් කිරීම
මිනිසාගෙන් සතුන්ට වෛරසය ගමන් ගන්නේ කෙසේද? යන්න සැලකිල්ලට ගත යුතුව ඇති කරුණකි.
මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් පිට කරනු ලැබීම සහ ප්‍රශ්වාස කරනු ලබන විට වාතයට එක්වන වෛරස් අංශු බළලුන්ට ආසාදනය විය හැකි බවක් දක්නට ලැබෙයි.
බෙල්ජියමෙන් ලැබුණ වාර්තාවකට අනුව බළලෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් සතියකට පසු එම සුරතලාගේ අයිතිකරු තුළත් රෝග ලක්ෂණ පහළ විය.
එම සිදුවීමෙන් පසු චීනයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂණවලින්, බළලෙකුගෙන් තවත් බළලුන්ට වෛරසය බෝවිය හැකි බවට සාක්ෂි ලැබුණි.

“නිව්යෝර්ක්හි ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයෙහි (Bronx Zoo) ව්‍යාඝ්‍රයකුට වෛරසය ආසාදනය වූ බව පැහැදිළිවී තිබෙන අතරවාරයේ බළලුන්ද ආසාදනය වීමට හැකි බවට පාර්යේෂණාත්මක සාක්ෂි ලැබීම සැලකිල්ලට ගතයුතු කරුණක්” එක්සත් රාජධානියේ ‘පිර්බ්‍රයිට්’ ආයතනයේ (Pirbright Institute) අධ්‍යක්ෂ මහාචාර්ය බ්‍රයන් චාර්ල්ස්ටන් (Prof Bryan Charleston) පවසයි.
එම ආයතනය වෛරස් මගින් බෝවෙන ව්‍යාධීන් සම්බන්ධයෙන් සුවුශේෂී හැදෑරීම් කරන විද්‍යාස්ථානයකි.
“මිනිසුන්ගෙන් සතුන් කරා වෛරස් බෝවීම් පිළිබඳව සාක්ෂි ශක්තිමත් වෙමින් පවතින” බවත් මහාචාර්ය චාර්ල්ස්ටන් පවසයි.
මිනිසුන්ගේ ආශ්වාස- ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියේ දී වාතයට එක්වෙන වෛරස් අංශු ගොරිල්ලන්, චිම්පන්සින් සහ ඔරන්උටන් වැනි දියුණු වානර කුලයේ ජීවීන්ට ආසාදනය විය හැකි බවට සාක්ෂි ඇත.
ගොරිල්ලන් ඇතුළු වේගයෙන් වඳ වෙමින් පවතින ජීවීන් රැකගැනීම සඳහා වෙහෙසෙන පරිසරවේදීහු කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමඟ එම සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති.

මෙම සියලු සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, වෛරසය ආසාදිත මිනිසුන් සත්ව වර්ගයාට තර්ජනයක් එල්ල කරන බවය.
“මේ කොරෝනා අර්බුදය ආරම්භයේ දී අපි දැනගත්තා, මේ වෛරසය සතෙකුගෙන් මිනිසුන් මත කඩා පාත් වූ බව” වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් බීබීසියට ප්‍රකාශ කළේය.
එය මිනිසුන්ගේ මාංශ භක්ෂණයත් සමඟ සම්බන්ධ ආසාදනයක් වන බව දක්නට ලැබෙන බවත් වෛද්‍යවරයා පැහැදිළි කරයි.
ගෘහාශ්‍රිත සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් ඇති බවට සාක්ෂි නැත.
“ගෙදර ජීවත්වෙන සෙසු අයට වගේම සුරතල් සතුන්ටත් හොඳින් සලකන්න. යම්හෙයකින්, ඔබට අසනීප ගතියක් දැනුනොත් එය සතුන් මත පටවන්න එපා” එය වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් දෙන උපදේශයයි.
සුරතල් සතුන් අයිතිකාරයන් තොරතුරු සහ නිවැරැදි උපදෙස් ලබා ගනිමින්, හොඳ සුව පහසු නින්දක් ලබනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” වෛද්‍යවරයා බලාපොරොත්තු පළ කරයි.
“එක මේ දවස්වල පහසු නැහැ. ඒක මම දන්නවා” වෛද්‍යවරයා අවසන් වශයෙන් පැවසීය.
කාලීනභාවය සලකා මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ප්‍රධාන ඡායාරූපය සහ ශීර්ෂපාඨය පමණක් වෙනස්කර ඇත. ප්‍රධාන සංස්කාරක – (බීබීසී පුවත් සේවයේ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකාරිනී වික්ටෝරියා ගිල් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි )