බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි.
එහි සදහන් වන්නේ කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයේ සිටි අගමැතිවරයා වෛද්‍ය උපදෙස් මත පරීරීක්ෂණ සදහා ඊයේ (5) රාත්‍රියේදී රෝහල් ගත කළ බව අගමැති කාර්යාලය විසින් නිවේදනය කළ බවයි.
කොරෝන වෛරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන්, හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ විශිෂ්ට සේවය තමන් නිරතුරුව අගයන බවද අගමැති බොරිස් ජොන්ස්න් ප්‍රකාශ කළ බව ද එරට අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පසුගිය27 වැනිදා තහවුරු කර ගත් අතර ඔහු නිල නිවසේ සිට ස්වයං නිරෝධායනයේ නිරත වූ නමුත් නිවසේ සිට රාජකාරි සිදු කිරීමටද අගමැතිවරයා පියවර ගත්තේය.
ඉන්දියාව අවධානමේ
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියදීත් ඉන්දියාවේ කොව්ඩි -19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ මේ වන විට ඉන්දියාව තුළින් ආසාදිතයින් 4067ක් සහ මරණ 109ක් වාර්තා වී තිබෙන බවයි. 690/45ක් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් ද ආසාදිතයින් 571ක් සහ මරණ 05ක් වාර්තා වී තිබෙනවා.