ගම්පහ ප්‍ර.ලේ කොට්ඨාශ 06ක පවුල් 10,642ක් නියගයෙන් පීඩාවට

නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම්  සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි. මේ දිනවල බලපා ඇති නියගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක පවුල් 10642 ක් පීඩාවට පත්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13න් 06ක ග්‍රාම සේවා වසම් 112 කට මෙම නියං තත්ත්වය බරපතල ලෙස  බලපා තිබේ. එහි පවුල් 10,642 ක පුද්ගලයන් 38,829 ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේයි. ග්‍රාම නිළධාරි වසම් 54ක පවුල් 4384 කට අයත් පුද්ගලයන් 14346ක් නියගය නිසා දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පීඩාවට පත්ව සිටිති. පීඩාවට පත්ව ඇති ජනතාව සදහා පානීය ජලය ලබා දීම සදහා 4649,650.00 ක මුදලක් වෙන් කර ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් ලේකම් වරයාට උපදෙස් දී ඇත්තේ කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර වලට සමගාමීව දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට පියවර ගත් සේම මේ වන විට ඇතැම් ප්‍රදේශ වල ජනතාව මුහුණ පා ඇති ජල හිගයටද කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.