ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.