ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් 2,3,6 සියලුම ඔසුසල් විවෘත කිරීමට නියෝග

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) සහ 6 වැනිදා (සදුදා) යන දින තුන තුළ දිවයිනේ සියලු ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අද (1) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම දින තුන තුළ ඔසුසල් විවෘත කර තැබීමට හෙතු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ලබා දෙන දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා රජය මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම දින තුන තුළ එම පිරිසට ඔවුන්ගේ විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන් සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.