පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම් – ප්‍රවාහන ඇමැති

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා.

අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා.

රජයේ තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා එවැනි පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.