කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ලෝකය පුරා විවිධ රටටවල සිටින ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරති. විදේශ කටයුතු අමාත්‍යංශය මේ සදහා දැනටමත් මැදිහත්ව තිබේ. මෙලෙස විදේශ රටවල සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, විවිධ වෘත්තිකයන් පිළිබද තොරතුරු එම රටවල තිබෙන තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජෙනරල් කාර්යාල හරහා දැනටමත් ලබා ගෙන ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම සියළු තොරතුරු ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. රජය ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දුන් වහාම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට සුදානමින් සිටින බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග කටුනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා රටට ගුවන් මගින් ඇතුළු වීම අත්හිටුවීමට පියවර ගැනින. එම තීරණය ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි නිවැරැදිම මොහොතේදීය.
කෙසේවෙතත් ගුවන් තොටුපොලින් මගීන් පිටව යාම හා ලංකාව හරහා වෙනත් ගමනාන්ත කරා යන ගුවන් මගීන්ට හුවමාරු පහසුකම් සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වේ. ගුවන් මගීන් රටට ඇතුළුවීම අත්හිටුවන අවස්ථාවේ දිවයිනට පැමිණෙමින් සිටි ගුවන් මගීන් 33 දෙනෙකු විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින අතර කැබිනට් මණ්ඩලය පසුගියදා ඔවුන්ව මුලින්ම දිවයිනට ගෙන්වා ගැනීමට අනුමැතිය පල කලේය.
ඒ අනුව ඩුබායි, මැලේසියා, එංගලන්තය, වැනි රටවල ගුවන් තොටුපොලවල සිරවී සිටි මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. මෙලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කිරීමටද කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියා සිටියි.
රටත් ජනතාවත් මෙම වසංගතයෙන් මුදවා ගැනීම සදහා රජය සුවිශාල කැපකිරීමක් කරනු ලබයි. ඇදිරි නීතිය පනවා තිබියදී ජනතාවගේ සුභසාධන අවශ්‍යතා සපුරාලීම සදහා රජය මැදිහත් වෙමින් සිටියි. ලොව කිසිදු රටක ආණ්ඩුවක් කටයුතු නොකරන ආකාරයෙන් මෙම වසංගතයෙන් මෙරට ජනතාව මුදා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලොවම පිළිගන්නා සත්‍යයකි.
රාජපක්ෂ සුසංයෝගය මෙලෙස රටත් ජනතාවත් රැක ගන්නට කටයුතු කරත්දී එක්සත් ජාතික පක්ෂය සිය නිවුන් සහෝදරයා වන ජවිපේ සමග එක්ව බොරදියේ මාළු බෑමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා චොදනා කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය හා රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහයක ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දින වල මාධ්‍ය ඔස්සේ දරණ උත්සාහායද එහි එක් පියවරකි. පසුගිය 13 වෙනිදා එංගලන්තයේ ගුවන් තොටුපොලක සිරවී සිටි ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය හරහා ජනතාව රජයට හා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එරෙහිව වෛරයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.
ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ රට රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම පසෙක තබා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමටයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට ජාතික ගුවන් සේවය ලෙස හැම විටම කටයුතු කරන්නේ සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කටයුතු ද කරන ආකාරයට ජාත්‍යන්තර ප්‍රමිතීනට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්ද අකුරමට පිළිපදිමිනි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව ජවිපෙ චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් වැනි අයද පසුගිය දිනවල රජයට චොදනා කර තිබුනේ කටුනායක ගුවන්තොටුපොල නිසි මොහොතේ වසා නොදැමුනු බවටයි. එහෙත් ඇමතිවරයා අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නිවරදිම මොහොතේ කටුනායක ගුවන් තොටුපොලට ගුවන් ගමන් පැමිණීම තාවකාලිකව අත්හිටවූ බවයි.
ගුවන්තොටුපොලේ කටයුතු තවමත් සිදුකෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සෞඛ්‍ය අංශ වල අධික්ෂණය යටතේය. මේ නිසා එක්සත් ජාතික පක්ෂය නිසි මොහොතේ ගුවන්තොටුපොල වසා දැමුවේ නැතැයි නගන චෝදනාවද ජනතාව රැවටීමේ ඔවුන්ගේ තවත් එක් උත්සාහයක් පමණි.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ හැසිරෙන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් නොසලකන ආරක්ෂක අංශ මග හරින කොරෝනා වැලදුනු රෝගියෙකු ලෙසය. මේ මොහොතේ රජය හැම විටම කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය අංශ උපදෙස් අනුව බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බොරදියේ මාළු බෑමට උත්සහා දරණ වගකීම් විරහිතව හැසිරෙන එජාප ජවිපේ නිවුන් සොහොයුරන්ගේ ගොන් පාට් වලට මෙරට ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැතැයිද අවධාරණය කරයි.