මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට

මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ රෝහල් ඉදිකිරීම අද (10) ඇමතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය විසින් මෙහි නවීකරණ කටයුතු ද සිදුකරනු ලබයි. රෝහලේ විශේෂ විෂබීජානුහරණ කුටියක්ද ඉදිකර තිබේ. එයද ඇමතිවරයාගේ පරීක්ෂවට ලක්විය.

රෝහල නීරීක්ෂණයෙන් පසු මාධ්‍ය ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ කෝවිඩ් 19 හෙවත්  කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහා රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි. මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරනුයේ එහි පියවරක් ලෙස බවද ඔහු පෙන්වා දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කලේ ඉදිරි සති 02 කාලය තුල ජනතාව සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කළොත් මෙම වසංගතය පැතිරයාම පාලනය කිරීමට හැකි බවට සෞඛ්‍ය අංශ අදහස් බල කරන බවයි.

මේ නිසා රජය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටද විශේෂ ක්‍රමවේදයක්  සකසා ඇති බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය. කුමන ගැටලු මතුවූවත් කොරෝනා වසංගතවට එරෙහිව සටන ජනතා සහාය ඇතිව ජයග්‍රහණය කල හැකිබව පෙන්වා දුන් ඇමතිවරයා අවශ්‍යවන්නේ ඒ සදහා කැපවීම හා අධිෂ්ඨාණය බවද කිවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.