Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය.

ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය.

ශ‍්‍රී ලංකාවේ නව කොරෝන වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව අද (3) දින රාත‍්‍රිය වන විට 156 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දින නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 05 දෙනකු වාර්තා වීම හේතුවෙනුයි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ.

ශ‍්‍රී ලංකාවේ නව කොරෝන වෛරසය ආසාදිත පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තා සදහන් කරන්නේ අද දින පස්වරුව වන විට ගෝලීය වශයෙන් කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව 1,015,877 දක්වා ඉහළ ගොස් මරණ සංඛ්‍යාව 53,218ක් දක්වා වර්ධනය වී ඇති බවයි. අද දිනය තුළ නව ආසාදිතයින් 79,711ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 212,992ක් බවයි සදහන් වන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.