Covid -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක් බිහි කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය 2020 අපේ‍්‍රල් මස 10 වන දින ආරම්භ කරනලදී.
ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත ගෘහ ආර්ථිකයක් ඇති කිරීම සහ ”සෞභාග්‍යා” ජාතික අස්වනු වැඩසටහනේ නව සංකල්පයට අපේ රටේ තරුණ පරම්පරාව සම්බන්ධ කර ගැනීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථයයි.
මෙම වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ ගොවතු වගාවන් සංවර්ධනය කරලීම උදෙසා කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි මහතාහට බීජ පැකට් 500 ක් ලබාදීම සිදුකළාය. මේ ආකාරයට සෑම ගුවන් හමුදා කඳවුරකටම බීජ පැකට් බෙදා දීම සිදුකරනු ලබයි.

එසේම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ගුවන් හමුදාධිපති නිළ නිවසේ ගෙවතු වගාවේ මෙම බීජ රෝපණය කරන ලදී.