රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි “හදිසියි” යන පදනමින් ජනාධිපති දැනුවත් කරන ලෙස අවධාරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
