ශ‍්‍රී ලංකාවේ අදත් Covid-19 මරණ 07ක්- මුළු ආසාදිතයින් සංඛ්‍යාව 189ක්

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව අද (8) දිනයේ පස්වරු 19.00 වන විට 189 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත.

ඒ අනුව අද දිනයේදී නව රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 228කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 44ක් වන අතර මරණ සංඛ්‍යාව 07ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

ගෝලීය තත්ත්ව වාර්තාව

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8* දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.