ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් 178ක් : ලෝකයේ 1,277,260ක් සහ මරණ 69,572ක්

අද (6) දින කොව්ඩ් -19 ආසාදිතයින් දෙදෙනකු (2) වාර්තා වීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එහි වාර්තාවලට අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 257කි. මරණ සංඛ්‍යාව 05ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38 දෙනෙකි.

ගෝලීය තත්ත්වය

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තා සදහන් කරන්නේ අද (6* දින තුළ ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,277,260ක් දක්වා ද මරණ සංඛ්‍යාව 69,572ක් දක්වා ද ඉහළ ගිය බවයි. අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 266,461කි.

ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාව තව දුරටත් ඉතාලියෙන් වාර්තා වන අතර එහි රෝගීන් 128,948ක් සහ මරණ 15,887ක් වාර්තා වී ඇත. ස්පාඤ්ඤයේ රෝගීන් 131,646,ක් සහ මරණ 13,055ක් වාර්තාවේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අද දිනය අවසන් වන විට එහි ආසාදිතයින් සංඛ්‍යාව 337,638 ක් සහ මරණ 9,267ක් වශයෙන් වාර්තා විය. එංගලන්තයේ ආසාදිතයින් 51,608ක් සහ මරණ 5373ක් වාර්තා වී ඇත. ඉන්දියාව තුළ ආසාදිතයින් 4314ක් සහ මරණ 118ක් වාර්තා වී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.