ශ‍්‍රී ලංකාවේ තෙවැනි Covid 19 මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

ඊයේ (01* රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ද ඊයේ දිනයේම බවයි. ඒ බව තහවුරු වූ වහාම රෝගියා අයිඩී.එච් රෝහල වෙත මාරු කරන අවස්ථාවේ දී ඔහු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.