ශ්‍රී ලංකාව මුහුණදී සිටින COVID-19 වයිරස ආපදා තත්වය යොදාගනිමින් යම් සංවිධානාත්මක කණ්ඩායම් ෆේස්බුක් වට්සැප් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම, ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් සමාජගත කිරීම වැනි ක්‍රියාවන්හි නියැලී සිටින බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිරන්තර අවධානයෙන් පසුවන අතර විවිධ සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙසේ සිදුකරගෙනු යනු ලබන අසත්‍ය පුවත් ප්‍රචාරණය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව සාමාන්‍ය ජනයා තබා ඇති විශ්වසනීයත්වය නැතිවී යා හැකිය.
රජය විසින් ගෙනයනු ලබන නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට අන්තර්ජාලය තුල උත්සාහ දරන පිරිස් හදුනාගැනීමට රජයට සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම් ලබාදීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සුදානම් බව දැනුම් දෙමු.
තවද මේ වන විට අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත එක කල පුද්ගලයන් කිහිප දෙනෙකු අත්තඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කිරීම ප්‍රශංසනීය ක්‍රියාවක් බවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.