අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00 ක් ද කැකුළු සුදු/ රතු කිලෝවක මිල 85.00ක් ද නාඩු සහල් කිලෝවක මිල රුපියල්. 90.00ක් සහ සම්බා රතු /සුදු සහල් කිලෝවක් රුපියල් 90.00ක් වේ.
