හෙට සිට ‘ගොවීන්ගෙන්ම එළවළු මිලට ගැනීමට’ රජය සූදානම්

කූඨ අතරමැදියන්ගෙන් එළවළු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් හෙට (11) දින සිට විශේෂ මිලක් යටතේ ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදී ගැනීම සිදුකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අද (10* පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. එහිදී අදාළ වැඩපිළිවෙළ ගැන වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

‘දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11) දින සිට විශේෂ මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කරලා තිබෙනවා. මේ කටයුතු සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි.

ඒ අනුව දඹුල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.