ශ්රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි.
අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ.
මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273 දෙනෙක් බවත් එහි සදහන් වෙයි. රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130ක් බවත් සුවය ලැබූ 27 දෙනකු පිටව ගොස් ඇති බවත් එහි සදහන් වේ.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙඩ් අවඩියේ සදහන් වන පරිදි ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොරෝන ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 1,118,601ක් වන අතර අද දින වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 82,929 දෙනෙකි. මරණයට පත් ආසාදිතයින් සංඛ්‍යාව 59,226ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 229,278කි.