Covid-19: කැඳ පානය හෝ දුම් ඇල්ලීම මේ මොහොතේ යෝග්‍ය නෑ – ආයුර්වේද කොමසාරිස්

කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත.

ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි.

කොරෝනාවෛරසය පාලනයට ආයුර්වේද ඖෂධ භාවිතය මේ දක්වා අවසර ලැබී නොමැති බැවින්, වඩාත් යෝග්‍ය වන්නේ වෛරසය ශරීර ගතව ඇතැයි සැක සහිත පුද්ගලයන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරන රජයේ රෝහලකට ඇතුළත් වීම බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඔබට මෙම සම්පූර්ණ හඩපටය https://www.bbc.com/sinhala/sri-lanka-52248523 ඔස්සේ නැරඹිය හැකියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.