Covid-19 පාලනයට 80%ක සංචරණ සීමාවන් අඛණ්ඩව ඕනෑ – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.

Covid -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව ,

1. තම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඇති නිවෙස්වලින් ජන සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම හා එම නිවැසියන් සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරනවා දැයි සොයා බැලීම.

2. ආහාර නිෂ්පාදනය කරන පිරිස් හඳුනා ගැනීම

3. නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය

4. නිෂ්පාදන මිලදී ගැනීම

5. සලාක වශයෙන් ද්‍රව්‍ය සකස් කිරීම

6. නිවෙස්වලට බඩුබාහිරාදිය බෙදාදීම

7. අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක්

8. අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කලමනාකරණය සඳහා ක්‍රමවේද සකස් කිරීම යන ශිර්ෂ යටතේ එම සංගමය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම මෙය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් සකස් විය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නිර්දේශයයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.