Eye සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි – සරසවි ප‍්‍රවේශයට කල් දෙයි

පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මහපොල ආධාර මුදල් ඊයේ දිනය වනවිට සරසවි සිසුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව කී අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදුලි සංදේශ ආයතනවල අනුග‍්‍රහයෙන් ගාස්තු අයකිරීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපනය සදහාම වන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන තුරු රූපවාහිනි සංස්ථාවට අයත් ‘අයි’ නාලිකාව සහ ‘නේත‍්‍රා’ නාලිකාව අධ්‍යාපන නාලිකාවන් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ද ඒ අනුව මේ මස 20 වැනිදා සිට එම නාලිකාවන් දෙක පාසල් දරුවන් ගේ පාඩම් මාලා වෙනුවෙන් වෙන්වනු ඇති බව ද සදහන් කළේය.

රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙරපාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය වෙනුවෙන් වූ අධ්‍යාපනික වැඩසටහන් පමණක් මෙම නාලිකාව ඔස්සේ ප‍්‍රචාරය වනු ඇතැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවතින තත්ත්වය යටතේ ලක්ෂ 55ක් පමණ වන පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ගේ අධ්‍යාපන ක‍්‍රියාකාරකම් කඩා නොවැටී ඉදිරියට ගෙන යාමට රූපවාහිනි නාලිකාවක් තිබීම ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබීම සතුටට කරුණක් බවත් සදහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.